Posts

ඩිජිටල් කැමරා යාන්ත්‍රනය - Digital Camera Mechanism

Image
අද වනවිට  ලෝකයේ බොහෝ දෙනා ඩිජිටල් කැමරා භාවිතයට හුරු වී තිබෙනවා. විශේෂයෙන්ම DSLR, SLR, Camcorders, Mobile Camera භාවිතය අද වන විට ඉතා ඉහල මට්ටමක තිබෙනවා. අතීතයේදී හාවිතා කරන ලද  ෆිල්ම්  රෝල කැමරා වලට සාපේක්ෂව ඒවායේ භාවිතයේ ඇති පහසුව (සෘජුවම ඩිජිටල් ආකාරයේ පිටපත් ලෙස පින්තුර කැමරාගත කිරීමට හැකි වීම) ඒ සදහා  හේතු වී තිබෙනවා.  ඉහත සදහන් කරන ලද සෑම කැමරාවක් තුලම එකම යාන්ත්‍රනය ක්‍රියාත්මක වන අතර කැමරාවක විද්‍යාත්මක පසුබිම අධ්‍යනය කිරීමට ප්‍රථම ඒ සදහා ව්‍යවහාරයේ භාවිතාවන තාක්ෂණක වචන පිළිබදව අවබෝධයක් තිබිය යුතුය. Apeture  මෙයින් අදහස් වන්නේ කැමරාවේ  Lens එක තුලට ආලෝකය ඇතුලු කර ගැනීමට ඇති සිදුරේ ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් මෙය F-STOPS වලින් හදුන්වන අතර මෙම අගය f1.7, f2.2, f4.5, f16 ආදී වශයෙන් හදුන්වනු ලබයි. මෙම අගය වැඩිවන විට කැමරා සිදුර කුඩාවන අතර අගය අඩුවන විට කැමරා සිදුරේ විශාලත්වය වැඩිවේ. එමනිසා මෙම අගය වැඩිවන විට කැමරාවේ කාර්යක්ෂමතාව (Low light performance) එක අඩු වන අතර පසුබිම බොදවීමක් (Depth of Field occur) සිදුනොවේ අගය අඩුවන ...